ව්‍යාපාරික

ඛනිජ තෙල් සංස්ථාව නැව් තෙල් ව්‍යාපාරය යළි අරඹයි

(UTV | කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධිත “ලංකා මැරිටයිම් සර්විසස් ලිමිටඩ්” ආයතනය යටතේ නැව් තෙල් ඉන්ධන සැපයීමේ ඒකාධිකාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වා ගෙන ගිය අතර, 2004 වර්ෂයේදී එම ව්‍යාපාරය පෞද්ගලික අංශය සඳහා විවෘත කරනු ලැබුවේය.

ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පවත්වාගෙන යන ලද බන්ධිත ගුදම් පහසුකම් පෞද්ගලික අංශයට විකුණා දමා ඇති අතර, ඒ හේතුවෙන් නැව් තෙල් ව්‍යාපාර කටයුතුවලින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉවත් වී තිබේ.

ඒ අනුව, සැපයුම්කරුවන් කිහිපදෙනෙකු විසින් සුළු පරිමාණ වශයෙන් නැව් තෙල් ආනයනය කර එම තෙල් තොගයන් ජයබහාලුම් පර්යන්ත තෙල් ගබඩාවේ (බන්ධිත ගුදම්) ගබඩා කර ශ්‍රී ලංකා මුහුදු සීමාව හරහා යාත්‍රා කරන නැව් වෙත ප්‍රතිඅපනයනය කරනු ලබයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැවි තෙල් තොග වශයෙන් වාසිදායක මිල ගණන් යටතේ ආනයනය කර තරගකාරි මිල ගණන් යටතේ බලපත්‍රලාභී සැපයුම්කරුවන් වෙත සපයා දීමට හැකියාව පවතී.

මෙම තත්ත්වය යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැව් තෙල් ආනයනය කිරීමේ ව්‍යාපාරයට නැවත පිවිසීම පිළිබඳව බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ වැඩපිළිවෙල සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදීමට තීරණය කර ඇත.

 

Related posts

රැකියා වෙළෙඳපොළ හෙට මහනුවරදී

Mohamed Dilsad

මාස එකහමාරකට ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ණයක් ගනී

Mohamed Dilsad

මෙරටට පැමිණෙන චීන සංචාරකයින් සඳහා පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment