විදෙස්

මියන්මාරය ෆේස්බුක් සමාජ ජාලය අවහිර කරයි

(UTV | මියන්මාරය) – පවතින දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගෙන ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව අවහිර කිරීමට මියන්මාරය තීරණය කර ඇත.

පෙබරවාරි 07 වනදා තෙක් මෙම තහනම ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එරට තුල ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරන පරිශිලකයන් සංඛ්‍යාව කෝටි 5 කට අධිකයි.

කෙසේ වෙතත් ෆේස්බුක් ආයතනය නිවේදනය කර ඇත්තේ මෙම අවහිරය කඩිනමින් ඉවත් කරන ලෙස මියන්මාර සන්නිවේදන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවයි.

 

Related posts

ප්‍රශ ජනපති බිරිඳත් ස්වයං නිරෝධායනයේ

Mohamed Dilsad

මලයාසියානු හිටපු අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳට චෝදනා විස්සක්

Mohamed Dilsad

ඔබාමාගේ නීති වලට ට්‍රම්ප් එරෙහි වෙයි

Mohamed Dilsad

Leave a Comment