ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් දේශයේ සංචාරය අත්හිටුවයි

(UTV | කොළඹ) – ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව කොදෙව් සංචාරය දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි 20 වනදා බටහිර ඉන්දීය කොදෙව් බලා යෑමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වීමත් සමඟ ශ්‍රී ලංකා මූලික සංචිතය ස්වයං නිරෝධායනයට යොමුකෙරුණි.

මේ අතර පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකුගේ විවාහ උත්සවය ට ළහිරු තිරිමාන්න සහභාගී වී තිබේ.

ඊට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් එක්වී ඇති අතර ඔවුන්ට ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබේ.

 

 

Related posts

ශ්‍රී ලංකා , ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය අදයි…

Mohamed Dilsad

වසර 15 ක් ඉන්දීය කණ්ඩායමේ බර ඇදපු දෝනිට කැපිල්ලක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියේදී තරග පාවාදීමක් : පරීක්ෂණයක් පවත්වන ලෙස ICC යෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment