දේශීය

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් වෙබ් අඩවි කිහිපයක් බිඳ වැටේ

(UTV | කොළඹ) – සයිබර් ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් මෙරට වෙබ් අඩවි කිහිපයකට පිවිසීම තාවකාලිකව අඩාල වී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

ඩොට් එල්.කේ. ලෙස අවසන් වන වෙබ් අඩවි කිහිපයකට පිවිසීම මෙලෙස අඩාල වී ඇති අතර විදුලි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමඟ එක්ව ඊට හේතු මේ වන විට විමර්ශන කරමින් පවතින බව විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඔසද සේනානායක ප්‍රකාශ කළේය.

සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති වෙබ් අඩවි අතර රාජ්‍ය ආයතන කිහිපයක වෙඩ් අඩවි ද වන බව එල් කේ ඩෙමේන ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලේඛකාධිකාරී මහාචාර්යය ගිහාන් ඩයස් මහතා පවසයි.

කෙසේ වෙතත් සයිබර් ප්‍රහාරයට ලක්ව ඇති වෙබ් අඩවි මොනවාදැයි මෙම අවස්ථාවේදී සඳහන් කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් පැමිණිලි වෙතොත් 0114 216 061 යන අංකයට යොමු කරන ලෙසට ඉල්ලීමක් කරයි.

නැතිනම් යම් ගැටළුවකට මුහුණ දී සිටින පුද්ගලයන්ට එන් අයි සී ඩොට් එල් කේ වෙබ් අඩවියට පිවිසීමෙන් ද පැමිණිලි යොමු කල හැකි වෙයි.

 

Related posts

තවත් 558ක් සුවය ලබයි

Mohamed Dilsad

එජාප නායකත්වය ගැන අදත් සාකච්ඡා

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment