ක්‍රීඩා

ජාත්‍යන්තර ක්‍රීඩා ආයතනයක වැරදිකරුවකු නම් මෙරට ක්‍රීඩා ආයතන නිලවරණ තහනම්

(UTV | කොළඹ) – යම් පුද්ගලයෙකු ජාත්‍යන්තර ක්‍රීඩා ආයතනයකින් වරදකරු වුවහොත් ඔහුට වසර 5 ක් යනතුරු කිසිදු ක්‍රීඩා සමාජ නිලයකට තරග කිරීමට ඉඩ ලබා නොදීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඊට අදාළ නීති නව ක්‍රීඩා පනතට එක් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර , 9 ශ්‍රේණියේ සිට ක්‍රීඩා දක්ෂතා මත පදනම්ව ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමට සලකා බලමින් සිටින බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ කොළඹ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

 

Related posts

විස්සයි 20 ලෝක කුසලානයේ සුපර්ලීග් වටයේ තරග අද සිට

Mohamed Dilsad

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට

Mohamed Dilsad

බංගලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් යයි

Mohamed Dilsad

Leave a Comment