ක්‍රීඩා

ලෝක පැරා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

(UTV | ඩුබායි) – ඩුබායිහි පැවැත්වෙන ලෝක පැරා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදීමට කුමුදා ප්‍රියංකා ක්‍රීඩිකාව සමත්ව තිබෙනවා. ඒ, දුර පැනීම ඉසව්වෙන්.

ඇය දැක්වූ දක්‍ෂතාව මීටර් 4 යි දශම 8 යි 5 ක්. එම ඉසව්වේ 3 වන ස්ථානය ශ්‍රී ලංකාව නියෝජනය කළ අමරා ඉන්දුමතී විසින් දිනාගත්තේ මීටර් 4 යි දශම 7 යි 7 ක දක්‍ෂතාවක් වාර්තා කරමින්.

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වෙන අතර ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු එක්ව ඇත.

 

Related posts

ආසියානු කුසලානයේ තරග කාලසටහන මෙන්න

Mohamed Dilsad

යුරෝපා ලීග් පාපන්දු තරගාවලි කල් දැමේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි සිට තරඟ සඳහා සුදානම්

Mohamed Dilsad

Leave a Comment