දේශීය

කොරෝනා මර්දන වියදම බිලියන 110 – දෛනික PCR සඳහා මිලියන 100 ක්

(UTV| කොළඹ) – කොවිෂීල්ඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ වනවිට පුද්ගලයින් එක්ලක්ෂ 79,197 දෙනෙකුට එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අවසන් වී ඇත.

ඊයේ දිනයේදී එලෙස එන්නත් ලබාදුන් සංඛ්‍යාව 1,110 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොරෝනා මර්දනය සඳහා රජය මේ වනවිට රුපියල් බිලියන 110 ක් වැය කර තිබෙන අතර , කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ සඳහන් කළේ දිනකට PCR පරීක්ෂණ සඳහා රුපියල් මිලියන 100 ක් වැය වන බවයි.

එසේම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ මේ වනවිට බ්‍රිතාන්‍යයේ පැතිර යන ඉහළ ප්‍රචාරණ හැකියාවක් සහිත බී 1-1-7 කොරෝනා වෛරස් ප්‍රභේදය මෙරටින් හඳුනාගෙන ඇති බැවින් ජනතාව දැඩි ලෙස නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සිදුකළ යුතු බවයි.

සෞඛ්‍ය නීති නිසි ලෙස අනුගමනය කරමින් කොරෝනා මර්දනයට සහය දෙන ලෙස කොරෝනා මර්දන හා ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඇය සඳහන් කළේ, මුව ආවරණ පැළදීම, සංචරය සීමා කිරීම දැඩිව කළ යුතු බවයි.

දෛනිකව කොරෝනා රෝගීන් වාර්තා වීම මේ වනවිට ඉහළ ගොස් ඇතැයි ද විශේෂඥ වෛද්‍ය සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

 

Related posts

යුධ හමුදාවෙන් කරන විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment