ව්‍යාපාරික

පිටරට ෆයිනස් වලට සෙස් බද්දක්

(UTV | කොළඹ) – පිටරටින් ආනයනය කරනන ෆයිනස් දැව සඳහා සෙස් බද්දක් පැනවීමට ඉදිරියේදී කටයුතු කරන බව වනජීවි හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක මහතා පවසයි.

මෙරට ප්‍රමාණවත් තරම් ෆයිනස් දැව තිබියදී, විදෙස් රටවලින් ෆයිනස් දැව ආනයනය කෙරෙන බවත්, මෙය පාලනය කිරීම සඳහා සෙස් බද්ද පැනවීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

විදෙස් රටවලින් ආනයනය කරනු ලබන දැව වල තත්ත්වය පිළිබඳව ගැටලු රැසක් පැනනැගී තිබෙන බැවින්, ආනයනික දැව නියාමනය කිරීමට කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවද ඇමැති සී.බී.රත්නායක කීය.

මේ අනුව ඉදිරියේදී ආනයනය කරනු ලබන දැව තොග දැව සංස්ථාවේ පරීක්ෂණාගාරයේදී තත්ත්ව පරීක්ෂණයකට ලක්කිරීමට නියමිතය.

වර්ෂයකට ෆයිනස් දැව ඝන මීටර් 15,000 ත් 18,000ත් අතර ප්‍රමාණයක් ආනයනය කෙරේ. මෙරට ෆයිනස් වගාව හෙක්ටයාර් 16,000 ක භූමි ප්‍රදේශයක විහිදී තිබෙන අතර, ඉන් හෙක්ටයාර් 6,000 ක දැව ලබාගැනීමේ හැකියාවක් පවතින බව දැව සංස්ථාව සඳහන් කරයි.

 

Related posts

ලංකා බැංකුව, අලුත් අවුරුදු සමයේ, රුපියල් බිලියන 666ක ගනුදෙනු කරමින් වාර්තාවක් තබයි.

Editor O

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 2,575 කට සහන පොළී ණය රු.කෝටි 1,080 ක්

Mohamed Dilsad

එන්ටර්ප්‍රයිස් ජංගම සේවාව දිස්ත්‍රික්ක කීපයකින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment