දේශීය

භූ කම්පන සිදුවූ ඇකිරිය ප්‍රදේශයේ ජනතාවට දැනුම්දීමක්

(UTV | බදුල්ල) – භූ කම්පන කිහිපයක් සිදුවූ මඩොල්සිම ඇකිරිය ප්‍රදේශය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

පසුගිය සතියේ දී අවසන්වරට ඇකිරිය ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුවූ අතර එය රික්ටර් මාපකයේ 1.5 ක ලෙස සටහන්ව තිබුණි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් ක්ෂේත්‍ර පරීක්ෂණයන් සිදුකර ඇත.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ පස්කඳු කඩා වැටීම් සහ නායයෑම් තත්ත්වයන් ඇති විය හැකි බවට නිරීක්ෂණය කරඇති බව එම නිලධාරීන් ජනතාව වෙත දැනුම් දී තිබේ.

මේ හේතුවෙන් පතල් කැණීම් සහා පස් කැනීම් කටයුතුවලදී වඩාත් විමසිලිමත්වන ලෙස භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය ජනතාවට දැනුම්දී ඇත.

 

Related posts

යාපනයේ දේව මෙහෙයට සහභාගී වූ 192 ක් නිරෝධායනයට

Mohamed Dilsad

මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයෙකු වැඩ තහනමට ලක් කෙරේ

Mohamed Dilsad

රනිල් ඇතුළු පිරිසකට සිතාසි නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment