ක්‍රීඩා

ලොව විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අදින් ඇරඹේ

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ අහමදාබාද් නගරයේ ඉදිකල ලොව විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මොටෙරාහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අද (24) ආරම්භ වෙයි.

ඒ ඉන්දියාව සහ එංගලන්තය අතර 03 වන ටෙස්ට් තරඟයයි.

නරඹන්නන් එක් ලක්ෂ 10 දහසකට එකවර අසුන් ගැනීමට එහි පහසුකම් සලසා තිබේ.

කෙසේවෙතත් කොවිඩ් තත්වය හමුවේ නරඹන්නන් 55,000 කට පමණක් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට සංවිධායකයන් සැළසුම් කර ඇත.

2016 වසරේදී ආරම්භවූ මෙම ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු සඳහා වැය කර තිබූ මුදල ඩොලර් මිලියන 110 ක්.

 

Related posts

ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි

Mohamed Dilsad

සංගක්කාරට හිමිවූ අලුත් තනතුර

Mohamed Dilsad

මහේලගෙන් ⁣ශ්‍රී ලංකා ටෙස්ට් පිළට කොළ සිග්නල්

Mohamed Dilsad

Leave a Comment