දේශීය

පැය 24 ක් තුළදී රිය අනතුරුවලින් 12 ක් මරුට

(UTV | කොළඹ) – ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

ඉන් මරණ 08 ක් වාර්තා වී ඇත්තේ ඊයේ දිනය තුළ සිදු වූ රිය අනතුරුවලින් බව ද පොලිසිය සඳහන් කළේය.

රිය අනතුරුවලින් දිනකට පුද්ගලයින් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මිය යාම මාර්ග ආරක්ෂාව පිළිබද බරපතල තත්ත්වයක් බව ඒ මහතා අවධාරණය කරයි.

එම නිසා දෛනිකව සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමට ඉදිරියේදී දැවැන්ත රථ වාහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

 

Related posts

පළාත් පාලන ඡන්දය ගැන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් පැහැදිලි කිරීමක්

Editor O

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

මාළු තොග මිලදී ගැනීමට රජයෙන් රුපියල් මිලියන 600 ක්

Mohamed Dilsad

Leave a Comment