දේශීය

කොවිඩ් එන්නත අතපසු වූ අය සිටීනම් වහාම දැනුවත් කරන්න

(UTV| කොළඹ) – සෞඛ්‍ය අංශ විසින් දැනුම් දී තිබියදී කොරෝනා මර්දන එන්නත ගැනීම අතපසුවී ඇති පුද්ගලයින් සිටීනම් වහාම ඒ පිළිබඳ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී දැනුවත් කර එන්නත ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

නිර්දේශ කර ඇති සියලු තැනැත්තන්ට කිසිඳු ගැටලුවකින් තොරව කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා කියා සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලැබීමට නියමිත කොරෝනා මර්දන එන්නත් තොගයේ පළමු කොටස ඉදිරි දින කිහිපය ඇතුලත ලැබීමට නියමිත බැවින් එම එන්නත් තොගය ලද වහා ඒවාද මහජනතාව වෙත එන්නත්කරණය ආරම්භ කරන බව හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, කොවිඩ් එන්නත පිළිබඳව සමාජයේ පැතිර ඇති විවිධ මතවලට බිය වී තමාට ලැබෙන අනගි අවස්ථාව මගහැර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසයි.

ඒ මහතා මෙසේ කීවේ දරුවන් ඉපදෙන මොහොතේම ලබාදෙන එන්නත ද කොවිඩ්-19 සඳහා නිර්දේශ කර ඇති එන්නත මෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත වූ හා විද්‍යානුකූලව තහවුරු කළ ආකාරයේම එන්නතක් බවත් කොවිඩ් එන්නත පිළිබඳව වැඩිහිටියන් බහුතරයක් මීට අනිසි බියක් දක්වන්නේ ඇයි ද යන්න ගැටලුවක් බවත් ය.

 

Related posts

අද සිට රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම ආරම්භයි

Mohamed Dilsad

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිකුත් කරන්න සුදානම්

Mohamed Dilsad

2022 වසරේ සංචාරකයින් ලක්ෂ 7 ක් ශ්‍රී ලංකාවට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment