දේශීය

ගුවන් හමුදාවේ බලඝණ දෙකකට ජනපති වර්ණ ප්‍රදානය කරයි [PHOTOS]

(UTV | ගම්පහ) – ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ගුවන් හමුදාවේ බලඝණ දෙකකට අද (05) පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ පැවති වර්ණ ප්‍රදානෝත්සවයේ දී ජනාධිපති වර්ණ ප්‍රදානය කරන ලදී.

දශක හතක කාලයක් මව්බිමේ සාමය උදෙසා ජීවිත පුද කළ සහ කැපවීමෙන් ක්‍රියාකළ ගුවන් විරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමන බව ජනාධිපතිතුමා කියා සිටී.

ජාතියේ සුරක්ෂිතභාවය අඛණ්ඩව රැක ගැනීම ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්හි මූලික වගකීම බව රාජපක්ෂ මැතිතුමා සඳහන් කරයි.

“සුරකිමු ලකඹර” තේමා කර ගනිමින් දශක 07ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 05 ප්‍රහාරක ගුවන් බලඝණය සහ අංක 06 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝණයට ජනාධිපතිතුමා අතින් වර්ණ ප්‍රදානය කෙරිණ.

සේනාධිනායකයා සන්නද්ධ හමුදාවකට පිරිනමන ඉහළම ගෞරව සම්මානය ජනාධිපති වර්ණ ප්‍රදානයයි. මේ සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනාධිපති වර්ණ 13කින් පිදුම් ලබා ඇත.

මනුෂ්‍යත්වයේ අගය වටහාගත් අව්‍යාජ ජාත්‍යන්තර සහයෝගීතාව තුලින් දේශ සීමාවෙන් ඔබ්බට පැතිරෙන අභියෝගයනට සාර්ථකව මුහුණදිය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

සංකීර්ණ ගෝලීය පරිසර අභියෝග ජය ගැනීමට මනාව සූදානම් වීමේ අවශ්‍යතාව එතුමා විසින් අවධාරණය කෙරිණ.

ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය වර්ණවත් කිරීමට පැමිණි විදේශීය ගුවන් හමුදා සාමාජිකයනට ප්‍රශංසාව පුද කළ ජනාධිපතිතුමා ජාතීන් අතර මිත්‍රශීලි සබැඳියාව එමගින් ප්‍රදර්ශනය වන බවත්, එම බැඳීම් අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් ශක්තිමත් කළයුතු බවත් සඳහන් කළේය.
වර්ණ ප්‍රදානයෙන් අනතුරුව කටුනායක මූලික ගුවන් කඳවුරේ සී-130 කඳවුරේ අංක 02 සහ අංක 05 බලඝණ ජනාධිපතිතුමා විසින් නිරීක්ෂණය කරනු ලැබීය.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ගුවන් නියමුවන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

“ගුවන් හමුදාවේ 70 වසරක ගුවන් බලය” තේමා කොට ගෙන එයාර් කමාන්ඩර් කොමදෝරු චන්න දිසානායක මහතා විසින් රචිත ග්‍රන්ථය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය සමග ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තැබීය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු සහ , බංග්ලාදේශ, පකිස්ථාන, එක්සත් ජනපද ෆැසිපික් ගුවන් හමුදා ප්‍රධානීහූ, හිටපු ගුවන් හමුදාපතිවරු සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ සෙසු නිලයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

May be an image of 2 people and people standing

May be an image of 5 people, people standing, military uniform and outdoors

May be an image of 1 person, standing and outdoors

May be an image of one or more people, people standing and outdoors

May be an image of aircraft and outdoors

 

Related posts

පාර්ලිමේන්තු විවාදය ඇරඹේ

Mohamed Dilsad

සමගි ජනබලවේගය තීරණයක් ගනී.

Editor O

මෛත්‍රීගේ සහය විජයදාස ට

Editor O

Leave a Comment