ගොසිප්

එංගලන්තයේ අරුම පුදුම පාවෙන නැව

(UTV| එංගලන්තය) – මුහුදු ජලයට ඉහළින් පාවෙන නැවක් දකින්නට ලැබීම සැබවින් ම පුදුම සහගත දෙයක්.

එංගලන්ත වෙරළට ඔබ්බෙන් වූ දුර්ලභ දෘෂ්‍ය මායාවක ප්‍රතිඵලයක් ලෙස නැවක් පාවෙන ලෙස පෙනෙන ඡායාරූපයක් ඡායාරූපගත කර තිබේ.

ඩේවිඩ් මොරිස් නමැති පුද්ගලයකු කෝර්න්වෝල් හි ෆල්මූත් වෙරළ අසල ඇවිද යමින් සිටියදී නැවේ ඡායාරූපයක් ලබාගත් අවස්ථාවේ මෙය දක්නට ලැබ ඇත.

බීබීසී හි කාලගුණ විද්‍යාඥ ඩේවිඩ් බ්‍රේන් පවසන ආකාරයට මේ “අති සුවිශේෂී මිරිඟුව” හටගන්නේ “ආලෝකයේ නැම්මක් ඇති කරන විශේෂ වූ වායුගෝලීය තත්ත්ව” හේතුවෙන් බවටයි.

ආර්ක්ටික් කලාපයේ සුලබව දැකිය හැකි මෙම මායාව බ්‍රිතාන්‍යයේද ශීත සෘතුව තුළදී “ඉතා දුර්ලභ” ලෙස දැකිය හැකි බවයි.

‘ගිලන්’ නම් කුඩා ග්‍රාමීය ප්‍රදේශයේදී මුහුද දෙසට දෑස් යොමා සිටින අතරේ මෙම ඡායාරූපය ගැනීමෙන් පසු තමන් මහත් විමතියකට පත් වූ බව ඩේවිඩ් මොරිස් සඳහන් කළා.

මේ අතර ඩේවිඩ් බ්‍රේන් කියා සිටින්නේ, “සිසිල් වාතය මුහුදට ආසන්නව පවතිද්දී ඊට ඉහළින් උණුසුම් වාතය රැඳෙමින් හටගන්නා උෂ්ණත්ව අපවර්තනය නමින් හැඳින්වෙන කාලගුණ තත්ත්වයක් නිසා මේ අති සුවිශේෂ මිරිඟු ඇතිවනවා” යනුවෙනුයි.

 

Related posts

පාකිස්තානු අඹ විදේශීය සම්භාවනීය අමුත්තන්ට තෑගි කිරීමේ වාර්තා පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට උල් කතුරක් රැගෙන ආ තිදෙනෙකු ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

මොරටුවේ රේස් බයි රේස් ඔට්ටු නවතයි

Mohamed Dilsad

Leave a Comment