දේශීය

හිරුනිකාගේ වරෙන්තුව ආපසු කැඳවයි [UPDATE]

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය නිකුත් කර තිබු වරෙන්තුව ආපසු කැඳවා තිබේ. 

ඒ ඇය අධිකරණයේ පෙනී සිට සමාව ගැනීම හේතුවෙන්.


(UTV| කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇත.   

මෙම වරෙන්තුව කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබේ.

තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාලව අද අධිකරණයේ පෙනී නොසිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබීය.

කෙසේවෙතත් වරෙන්තුව නිකුත් කර විනාඩි කිහිපයකට පසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය හමුවට පැමිණ තිබුණු බව වාර්තා වෙයි.

නඩුව වැඩිදුර විභාගය ලබන ජූනි 17 වනදා සිදුකිරීමට නියමිතයි.

 

Related posts

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට ලබාදුන් කාලය අදින් අවසන්

Mohamed Dilsad

රාජ්‍ය සේවකයන් කැඳවන ආකාරය පිළිබද තීරණය ලබන සතියේ

Mohamed Dilsad

කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනයට ජනපතිගේ අවධානය

Mohamed Dilsad

Leave a Comment