දේශීය

A/L හා ශිෂ්‍යත්වය අගෝස්තු මාසයේ නොපැවැත්වීමේ සූදානමක්

(UTV | කොළඹ) – මෙම වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ නොපැවැත්වීමට තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සමග කළ සාකච්ජාවකදී මේ පිළබඳව තීරණය කළ බවයි.

සියලු පළාත් අධ්‍යක්ෂවරුන් ද Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් එම සාකච්ජාව සිදු කර තිබේ.

පාසල් නොපැවැත්වීමත් සමග නිසි පරිදි විෂය නිර්දේශ ආවරණය නොවීම හේතුවෙන් ලබන අගෝස්තු මාසයේ විභාග පැවැත්වීම සාධාරණ නොවන බව එහිදී සාකච්ඡා වී තිබේ.

ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය නැවත පවත්වන දිනයන් පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා ප්‍රකාශ කළේය.

Related posts

කාබනික පොහොර භාවිතයේදී එන අභියෝග නොතකා ඉදිරියට යන්න – ජනපති

Mohamed Dilsad

ගත වූ පැය 24 තුළ විදෙස්ගතව සිට පැමිණි 78 කට කොරෝනා

Mohamed Dilsad

උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම ඇරඹේ

Editor O

Leave a Comment