දේශීය

විදෙස්ගත ශ්‍රමිකයන්ට දිස්ත්‍රික්ක වශයෙන් නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථාන

(UTV| කොළඹ) – දිවයිනට පැමිණෙන විදෙස් ශ්‍රමිකයින් නිරෝධායනය කිරීම සඳහා දිස්ත්‍රික්ක වශයෙන් ස්ථාන වෙන් කිරීමට කම්කරු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.   

විදේශ සේවා කාර්යාංශය හරහා ඒ පිළිබදව කටයුතු කරන බව ද විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ විදේශ සේවා කාර්යාංශය හරහා ඒ පිළිබදව කටයුතු කරන බවයි.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 30,000 ක් පමණ මේ වන විට නැවත දිවයිනට පැමිණ ඇති අතර, තවත් 20,000 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වෙයි.

ඔවුන් සඳහා අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථාන වෙන් කොට පහසුකම් සැලසීම රජයේ අරමුණ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

 

Related posts

කාලගුණයේ අද තත්ත්වය

Mohamed Dilsad

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුව ගැන සජබය සහ ජවිපෙ ගත් තීරණය

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment