විදෙස්

දශකයක කාලයකින් පසු බීජිං නුවර හරහා දැවැන්ත වැලි කුණාටුවක්

(UTV | චීනය) – දශකයකට ආසන්න කාලයකට පසු චීනයේ බීජිං අගනුවර හරහා ඊයේ (15) හමා ගිය දැවැන්ත වැලි කුණාටුවක් හේතුවෙන් නගරය පුරා වැලි හා කුණු රොඩු විසිරී ගොස් අහස මුළුමනින්ම තැඹිලි පැහැ ගැන්වී තිබිණු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.      

මෙම වැලි කුණාටුව හේතුවෙන් මිලියන 21.7 ක ජනගහනයක් වාසය කරන බීජිං නගරයේ උසැති ගොඩනැගිලි හා මෝටර් රථ සිනිදු මීදුමකින් වැසී ගොස් තිබේ.

වායුගෝලය අනතුරුදායක ලෙස දුෂණය වී තිබීම හේතුවෙන් නගරවාසීන්ට නිවෙස්වලටම වී සිටින ලෙස දැනුම් දීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.

ඊයේ පස්වරු කාලයේ මෙම වැලි කුණාටුව නිසා පරිසරය පුරා විසිරී ගිය වැලි හා කුණු රොඩු හේතුවෙන් වාහන පදවන්නන් මාර්ගය නිසි ලෙස දර්ශනය නොවීම නිසා දැඩි අසීරුතාවයකට පත්ව සිටි අතර , වාහනවල විදුලි ලාම්පු දල්වමින් මාර්ගය දර්ශනය කරගැනීම සඳහා ඔවුන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබිණි.

 

 

Related posts

ඉතා ඉක්මනින් කිම් ජොන් උන්, ට්‍රම්ප් හමුවීමට සුදානම්

Mohamed Dilsad

ඉම්රාන් ඛාන් චීනයේ සංචාරයක

Mohamed Dilsad

ඉරානයේ පල්ලියක් තුළ වෙඩි තැබීමක් : 15ක් මරුට

Mohamed Dilsad

Leave a Comment