විදෙස්

ඇමෙරිකාවේ ස්පා තුනක වෙඩි තැබීම් වලින් 8 දෙනෙක් මරුට

(UTV | ඇමෙරිකාව) – ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ සම්බාහන ආයතන තුනකදී ඊයේ (16) සිදුව ඇති වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.  

අඟහරුවාදා පස්වරුවේ චෙරෝකි ප්‍රදේශයේ සම්බාහන ආයතන පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබූ බව ආරක්ෂක අංශ පවසයි.

ඉන් මද වේලාවකට පසු, ඇට්ලන්ටා ප්‍රදේශයේ සම්බාහන ආයතන දෙකකට එල්ල වී ඇති වෙඩි තැබීමෙන් තවත් සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

චෙරෝකි ප්‍රදේශයේ වෙඩි තැබීම්වල සැකකරුවෙකු රාත්‍රී 8.30 ට පමණ ඇට්ලන්ටා සිට සැතපුම් 150 ක් දකුණින් ක්‍රිස්ප් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සම්බාහන ආයතන වෙත එල්ල වූ ප්‍රහාර එකකට එකක් සම්බන්ධ දැයි පොලීසිය විමර්ශන සිදුකරන අතර, සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැති බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

රුසියාවේ ඛණිජ තෙල් කර්මාන්යට, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සම්බාධක දැඩි කරයි

Editor O

ට්‍රම්ප් නව සංක්‍රමණික තහනමක් ගෙන එන්න සුදානම්

Mohamed Dilsad

සෞදි මාධ්‍යවේදීයාගේ අතුරුදන්වීමට හේතුව ගැන ඇමෙරිකාවන් ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment