ගොසිප්

ජනතාව පාරට බැස රාජපක්ෂලාගේ මන්දිර වැටලිය යුතුයි

(UTV | කොළඹ) – ඉන්දියානු ජනතාව මෙන් නිරෝධායන නැති කඩාගෙන මෙරට ජනතාවද පාරට බැස රාජපක්ෂලාගේ ජනාධිපති මන්දිර වැටලිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කරයි.

එම සටනට දිවිහිමියෙන් නායකත්වය දෙන බවද ඔහු පැවසීය.

කොළඹදී ඊයේ (16) පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

එළඹෙන අලුත් අවුරුද්ද ජනතාවට ලෙව කෑමට සිදුවන බවත් මෙම වසර අවසාන වන විට වර්තමාන ආණ්ඩුවේ අවසානය සිදුවනු ඇති බවත් ඔහු පවසයි.

පැවති යහපාලන ආණ්ඩුව තම පාලන සමයේ බඩුමිල කිසිදු වැඩි කිරීමක් නොකර පවත්වාගෙන යාමට සමත් වූ නමුත් මේ ආණ්ඩුව වසර එකහමාරක් තුළ බඩු මිල විශාල ලෙස ඉහළ දමා ඇති බවත් , බඩු මිල ඉහළ යාමට හේතුව අති විශාල පමණින් මුදල් අච්චු ගැසීම බවද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම , විපක්ෂයට ඉක්මනින්ම ආණ්ඩුවක් ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා උදව් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය පළමු සංවත්සරය කොළඹ හයිඩ් පිටියේදී අමතමිනි.

Related posts

ලබන සතියෙත් විිදුලිය කපනවා..- PUCSL

Mohamed Dilsad

අපි රටින් පැන ගියේ නෑ.. පැන යන්නෙත් නෑ…- තිරු නඩේෂන් කියයි

Mohamed Dilsad

වතුර වූ විස්කි

Mohamed Dilsad

Leave a Comment