ව්‍යාපාරික

රුපියල් තවත් පහළට

(UTV|කොළඹ) – ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය 201 සීමාව ඉක්මවා පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය ඊයේ (17) රුපියල් 201.75ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 197.58ක් ලෙසත් දැක්විණි.

මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් (08) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව ඉක්මවා පහළ ගියේය.

ෙමේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 12 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 5.2 කින් අවප්‍රමාණය වී ඇත.

 

Related posts

රුපියලේ අගය ශක්තිමත් වේ

Mohamed Dilsad

අමු කහ පරිභාජෝනයට ගන්න සුදුසු ආකාරයට සකස් කිරීමට අවධානය

Mohamed Dilsad

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ආසාර්ථකයි : රුපියල් බිලියන 80ක බිල්පත්වලින්, අළෙවි වී තිබෙන්නේ බිලියන 3.75යි.

Editor O

Leave a Comment