ව්‍යාපාරික

කොළඹ වරිපනම් බදු ගෙවන්නන්ට සහනයක්

(UTV | කොළඹ) – කොළඹ නගර සභාව වෙත 2021 වර්ෂය සඳහා වරිපනම් බදු ගෙවීමේදී ලබාදී තිබූ 10 % ක වට්ටම ලබාදීමේ කාලසීමාව මේ මස 31 වනදා දක්වා දීර්ඝකර තිබේ.    

ඒ අනුව, කොළඹ නගර සභාව වෙත 2021 සම්පූර්ණ වර්ෂය (කාර්තු 4ම) සඳහා 10% ක වට්ටම් සහිතව වරිපනම් බදු ගෙවිය හැකි අවසන් දිනය 2021.03.31වේ.

තවද, ඉකුත් ජනවාරි 31 වන දිනෙන් පසු 2021 සම්පූර්ණ වර්ෂය සඳහා මේ දක්වා වරිපනම් බදු ගෙවා ඇති සියලු දේපළ සඳහා 10% වට්ටම් ඇතුළත්කර ගිණුම් නිවැරදි කිරීම ඉදිරියේදී සිදුකරන බවද කොළඹ මහනගර සභාව දැනුම් දෙයි.

 

Related posts

පාකිස්ථානය – ශ්‍රී ලංකා පෞද්ගලික අංශය වෙළඳාම, ආයෝජන ඉහළ නැංවීම සඳහා සහයෝගීතාව වැඩි කරයි

Mohamed Dilsad

ආපදා තත්ත්වය හමුවේ ද ඇමරිකානු ඩොලරය තවදුරටත් පෙරමුණේ

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ හෝඩුවාවක්

Mohamed Dilsad

Leave a Comment