ක්‍රීඩා

සූර්යකුමාර් එක්දින සංචිතයටත් නම් කෙරේ

(UTV | කොළඹ) – එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරඟ 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා වන ඉන්දීය සංචිතය අද (19) ප්‍රකාශයට පත්කරනු ලැබීය.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

සිව්වන 20 – 20 තරඟයේ දී දක්ෂතා දැක් වූ සූර්යකුමාර් යාදෙව් ද මෙම සංචිතයට නම් කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා ගෙන නොමැති Prasidh Krishna ද ඉන්දීය සංචිතයට ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය එළඹෙන 23 වනදා පූනේ දී පැවැත්වීමට නියමිතයි.

දෙවැනි සහ තෙවැනි තරඟය පිළිවෙලින් එළඹෙන 26 වනදාත්, 28 වනදාත් පූනේහී දී ම පැවැත්වෙනු ඇත.

 

 

Related posts

අමතක නොවන ටෙස්ට් තරඟය ගැන කුසල් ජනිත් කියන කතාව

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකා – කොදෙව් සංචිතයේ වෙනසක්

Mohamed Dilsad

ප්‍රබල පිතිකරුවෙක් අංක 7ට යන්න බෑ කියයි

Mohamed Dilsad

Leave a Comment