දේශීය

අමරපුර නිකායේ මහනායක, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් අපවත්වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අති පූජ්‍ය අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නායක හිමියන් අද (22) අලුයම අපවත් විය.   

කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වනවිට උන්වහන්සේ 88 වන වියෙහි පසුවිය.

1933 වසරේ ජනවාරි 23 වනදා මිනුවන්ගොඩ, කොටුගොඩ ග්‍රාමයේදී උපත ලැබූ උන්වහන්සේ 1948 වසරේදී පැවිදි දිවියට ඇතුළත් වුණා.

අමරපුර භික්ෂු වංශයේ සියලු පාර්ශවයන් එක්ව පිහිටුවන ලද අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවියට කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් පත්වන්නේ 2017 වසරේදියි.

අමරපුර භික්ෂු වංශය ආරම්භ වී වසර 214 ක් සම්පූර්ණ වන වර්ෂයේදී උන්වහන්සේ මෙලෙස මහනායක ධුරයට පත්විය.

මේ අතර මහ නායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ශෝකය පළ කර සෑම විහාරස්ථානයකම කහ කොඩියක් ඔසවන ලෙස අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පුජ්‍ය පල්ලෙකන්දේ රතනසාර හිමියන් ඉල්ලීමක් කළේය.

Related posts

තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් බ්‍රිතාන්‍යයේදී කොරෝනා රෝගයෙන් මිය යයි

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින් ඇතුළු පාර්ශව දෙකක් සඳහා ප්‍රවාහන පහසුකම්

Mohamed Dilsad

පැතුම් කර්නර් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට

Mohamed Dilsad

Leave a Comment