දේශීය

පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලාගිය වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – කිරුළපන – නාගස්වත්ත ප්‍රදේශයේදී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර පලාගිය සැකකරුවෙකු යළි අත්අඩංගුවට ගෙන ඇත.  

ඊයේ (21) අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගොස් ඇති අතර, එහිදී මෙම සිද්ධිය වාර්තාවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය.

තුවාල ලැබූ පොලිස් නිළධාරීයා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 

Related posts

මගී ගුවන් යානා දිවයිනට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ පවත්වන දිනයන්ගේ වෙනසක් නැහැ

Mohamed Dilsad

හිටපු ජනපති ලේකම්ට සහ සහායක රදගුරුතුමන්ලා තිදෙනෙකුට නොතීසි

Mohamed Dilsad

Leave a Comment