දේශීය

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද (22) දිනයේ පැවැත්වීමට නියමිතය.   

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00න් පසුව එම ඡන්ද විමසීම පැවැත්වෙන බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහි එම යෝජනා රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව කරුණු ඇතුළත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එම යෝජනා ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

අද දිනයේ රටවල් මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙන බව වාර්තා වේ.

Related posts

ජර්මනියේ රැඳී සිටි ලාංකික සිවිල් නාවිකයන් පිරිසක් දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් නිවෙස් බලා යයි

Mohamed Dilsad

සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක්

Mohamed Dilsad

Leave a Comment