දේශීය

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

(UTV | ගම්පහ) – ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (23) පෙරවරු 09 සිට පැය 06 ක කාලයක් ජල සැපයුම අත්හිටුවෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි. 

සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි විදුලි අලුත්වැඩියාවක් ඊට හේතුවී ඇත.

ඒ අනුව , පෑලියගොඩ / වත්තල / ජා-ඇළ / කටුනායක සහ සීදුව යන නගර සභා බල ප්‍රදේශ ඊට අයත්.

කැළණිය , වත්තල , බියගම, මහර , දොම්පේ , ජා-ඇළ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකද ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේය.

 

Related posts

විදේශ අමාත්‍ය මානව හිමිකම් කවුන්සිලය අමතයි

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කල තවත් නාවිකයින් පිරිසක් පිටව යයි

Mohamed Dilsad

උද්ධමනය ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පුරෝකථනයක්

Editor O

Leave a Comment