ගොසිප්

අනුශූරතාවය දිනූ Legends ලට හිටපු ජනපතිගෙන් සුභ පැතුම්

(UTV | කොළඹ) – Legends කණ්ඩායම් අතර පැවැත්වෙන Road Safety World Series තරඟාවලියේ අවසන් තරඟය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ ශ්‍රී ලංකා Legends පිළ ලකුනු 14 කින් පරාජයට පත් කරමින්. ලකුනු 182ක ඉඅලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා Legends පිල සටන්කාමි ඉනිමක් දියත් කරමින් කඩුලු 7ක් දැවී ලකුනු 165 ක් රැස් කරගනු ලැබීය.

ඊයේ දිනයෙන් නිමාවට පත් වූ Road Safty World Series තරගාවලියත් සමග ශ්‍රී ලංකා හිටපු විශිෂ්ඨ ක්‍රීඩකයන් සම්බන්ධව මේ වන විට වැඩි ප්‍රේක්ෂකයින් පිරිසකගේ අවධානයට ලක්ව ඇති බවක් දක්නට ලැබේ.

ඒ අතර හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

44 හැවිරදි වියේ පසුවුවත් තවමත් තුන් ඉරියව්වෙන්ම තමාට දක්ෂතා දැක්වීමට හැකියාව පවතින බව ඔහු මෙම තරගාවලියේ දී පෙන්වා දුන්නේය.

ඔහු පවසා සිටියේ තමාගේ ක්‍රිකට් දිවියට අත් වූ ඉරණමට වගකිව යුතු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් මහතා බවයි.

තාමට නායකත්ව ධූරයෙන් ඉවත් වන ලෙසටත්, එසේ නොමැති වුවහොත් නායකත්වයෙන් තමාව ඉවත්කිරීමට කටයුතු කරන බවටත් අසනත් ද මෙල් මහතා සඳහන් කළ බව ඩිල්ෂාන් මාධ්‍ය හමුවක දී අවධාරණය කර සිටියේය.

මේ අතර , Road Safty World Series තරඟාවලියේ අනු ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පිලට ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම හිටපු ජනාධිපතිවරයා ද සුභ පැතුම් එක්කර තිබූ අයුරු දක්නට ලැබිණි.

 

 

 

 

 

 

 

 

Related posts

යෝෂිත – නිතීෂා යුවලට සුබ මංගලම්

Mohamed Dilsad

Sex වචනය පරීක්ෂාවෙන් ශ්‍රී ලංකාව දෙවන තැනට පත්වෙයි

Mohamed Dilsad

යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය අළුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment