දේශීය

ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවලියේ ඡන්දය විමසීම අද

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව පිළිබද ගෙන ආ යෝජනාවලිය සම්බන්දයෙන් ඡන්දය විමසීම අද (23) සිදු කිරීමට නියමිතයි.   

මෙම ඡන්ද විමසීම ඊයේ (22) පැවැත්වීමට නියමිත වුවද අද දිනය දක්වා කල් දමනු ලැබීය.

රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කලේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 01 ට පමණ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන රටවල් 193 ක් අතරින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද බලය හිමි රටවල් ගණන 47 ක්.

ඉන් පකිස්ථානය ඇතුලු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය භාවිත කරන බව මේ වනවිටත් ප්‍රකාශ කර ඇත.

 

 

Related posts

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් මිලියන 10 ක මුදලක්

Mohamed Dilsad

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම් ප්‍රදේශ

Mohamed Dilsad

UPDATE – IOC පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment