දේශීය

හෙට දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

(UTV | කොළඹ) – අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය යෙදෙන හෙට (25) දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.  

ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණද එය නිවාඩු දිනයක් නොවන බැවින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කාර්යාල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රජය දැනුම් දෙයි.

කෙසේ වෙතත් හෙට දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සුරාසැල් සහ මාංශ අලෙවිසැල් වසා තැබිය යුතු වෙයි.

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට (25) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට සියලු කටයුතු යොදා ඇත.

 

Related posts

හදිසියේ අසනීප වූ පොලිස් නිලධාරීන් 8 දෙනාට කොවිඩ්

Mohamed Dilsad

හුදෙකලා කළ ප්‍රදේශ වලට ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

හීනටියන ප්‍රදේශයේ රිය අනතුරකින් කාන්තාවක් මරුට.පිරිසක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment