විදෙස්

ජපාන මුහුදට, උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාර

(UTV | ජපානය) – ජපාන මුහුදට, උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බවට ජපානය සහ ඇමෙරිකාව චෝදනා කරයි.  

ජෝ බයිඩ්න් ඇමෙරිකානු ජනපති ලෙස පත්වීමෙන් පසු එවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වෙයි.

දකුණු කොරියාව සහ ජපානය විසින් එම මිසයිල අත්හදාබැලීම විවේචනය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා අනුව – භයානක අවියක් ලෙස සැලකෙන බැලස්ටික් මිසයිල අත්හදාබැලීම උතුරු කොරියාවට තහනම්ය.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ උතුරු කොරියානුවන් විසින් “කහ මුහුද” ට වෙනත් මිසයිල දෙකක් එල්ල කර තිබු පසුබිමකය.

 

Related posts

ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍යවරයා ඉක්මන් මැතිවරනයක් කැඳවයි.

Mohamed Dilsad

ලිබියානු හිටපු අගමැතිත් ජනාධිපතිවරණය සටනට

Mohamed Dilsad

ඕකී ඉන්දියාවට ඇතුළු වෙයි. තමිල්නාඩුවට දැඩි බලපෑම්

Mohamed Dilsad

Leave a Comment