(UTV | බටහිර ඉන්දියාව) – ලබන වසර මුලදී සිදු කිරීමට නියමිත එංගලන්ත කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ තරග කාලසටහන කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව එම සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 3ක් සහ 20 – 20 තරග 5 ක් පැවැත්වීමට නියමිතයි.
තරග පැවැත්වෙන ක්‍රීඩාංගන මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, ඒ පිළිබද තොරතුරු ලබන අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කෙරෙණු ඇති බව වාර්තා වෙයි.
මේ අතර, දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය “රිචර්ඩ්ස් – බෝතම් කුසලානය” වෙනුවෙන් පැවැත්වීමට තීරණය කර ඇත.
ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් සහ ඉයන් බෝතම්ට ගෞරවයක් වශයෙන් දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලි එම කුසලානය නමින් හැදින්වීමට තීරණය කළ බව කොදෙව් ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.
Schedule:
January 28: 1st T20I
January 30: 2nd T20I
February 2: 3rd T20I
February 4: 4th T20I
February 5: 5th T20I
March 1 – March 4: warm-up match
March 8 – March 12: 1st Test
March 16 – March 20: 2nd Test
March 24 – March 28: 3rd Test