ව්‍යාපාරික

සූවස් ඇළේ හිරවුණු නැව නිසා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට බලපෑම්

(UTV | කොළඹ) – ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 3% කින් ඉහළ ගොස් තිබේ.   

ඒ, සූවස් ඇළේ සිරවී ඇති නෞකාව හේතුවෙනි.

ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 64 යි සත 57 ක් ලෙස දැක්වුණු අතර අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.97 ක් ලෙස දැක්විය.

සූවස් ඇළේ නෞකාව හිරවීම හේතුවෙන් අනෙකුත් නෞකාවලට යාත්‍රා කිරීමට මේ වනවිට බලපෑම් මතුව තිබේ.

 

Related posts

ලුණු මෙට්‍ර්ක් ටොන් 30,000ක් ආනයනය කරයි

Editor O

ආණ්ඩුව විසින් සහල් මිල ඉහළ දමා පාරිභෝගිකයන් පීඩාවට පත් කරලා – සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය

Editor O

කිරි තේ, රයිස් සහ කොත්තුවල මිල රුපියල් 10 කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment