දේශීය

විදුලි ජනන සැලසුම් වලදී සිදුවිය හැකි අඩුපාඩු අවම කිරීමට අමාත්‍ය අනුකාරක සභාවක්

(UTV | කොළඹ) –විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කැබිනට් මණ්ඩලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව වර්තමාන විදුලි ජනන සැලසුම් සහ සිදුවිය හැකි අඩුපාඩු අවම කිරීම සදහා යෝජිත ක්‍රියාමාර්ග ගැනීම පිණිස වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන සහ රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය අනුකාරක සභාවක් පත්කර තිබේ.

අමාත්‍ය අනුකාරක සභාවේ නිර්දේශ සති දෙකක් ඇතුළත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය.

මේ අතර එහි පළමු කමිටු රැස්වීම මාර්තු 29 වන සදුදා සවස 03.00ට රැස්වීමට නියමිතයි.

2025 වසර වනවිට ඩීසල් හා දැවි තෙල් භාවිතය 5% දක්වා අවම කිරීමත්, 2030 දී එය 1% ක් දක්වා සීමා කිරීමත් විදුලිබල අමාත්‍යාංශයේ පිළිවෙත බව වාර්තා වෙයි.

Related posts

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Editor O

මිනිස් ජාවාරමේ නිරතවන්නන් සොයා පොලිස් විමර්ශණ

Mohamed Dilsad

නුවරඑළියේ අවුරුදු උත්සවය ගැන ආණ්ඩුකාරවරයාගෙන් පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment