ක්‍රීඩා

ඉන්දීය ලේජන්ඩ්ස් කණ්ඩායමේ කොරෝනා ආසාදිතයින් ඉහළට

(UTV | ඉන්දියාව) – ඉන්දීය ලේජන්ඩ්ස් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක්ට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.   

ඒ අනුව, ඉර්ෆාන් පතාන් ට ද කොවිඩ් -19 ආසාදනය වී ඇති බව සඳහන් වේ.

ඔහු ඒ බව ට්විටර් පණිවුඩයක් මගින් අනාවරණය කර තිබේ.

ඒ අනුව මේ දක්වා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් සිව් දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

මීට පෙර ඉර්ෆාන් පතාන්ගේ සහෝදරයා වන යුසුෆ් පතාන්ට මෙන්ම එස්. බද්‍රිනාත් සහ සචින් ටෙන්ඩුල්කාර්ට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

ඉර්ෆාන් පතාන් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව සඳහන්.

 

Related posts

මාලිංගට ක්‍රීඩාව වෙනුවෙන් මාස 6 ක කාළයක් පරිවාස කාළයක්

Mohamed Dilsad

හොංකොන් සික්සස් තරඟාවලියේ අවසන් මහා තරඟයට, ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි.

Editor O

දෙවන තරඟයට ඕස්ට්‍රේලියානු සංචිතයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment