දේශීය

තැපැල් සේවක නිවාඩු අවලංගුයි

(UTV | කොළඹ) – අද (30) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (31) මධ්‍යම රාත්‍රී තෙක් සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි තැපැල්පතිවරයා සඳහන් කරයි.

මේ අතර තැපැල් වෘත්තීය සමිති කිහිපයක් අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සැලසුම් කර තිබුණි.

ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද කියා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුවට නිළධාරීන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු ඇතුලු ගැටලු හයක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය සිදු කරන බවයි.

Related posts

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු නියැඳි පී.සී.ආර්. පරීක්ෂාවට

Mohamed Dilsad

යුරෝපා සංගමය තුළ LTTE තහනම දීර්ඝ වෙයි

Mohamed Dilsad

පිටකොටුවේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment