විදෙස්

ඉම්රාන් ඛාන්ගෙන් මෝදිට ලිපියක්

(UTV | පකිස්තානය) – ඉන්දියාව සමග සාමකාමීව සහජීවනයෙන් සබඳතා පැවැත්වීමට තම රටෙි ජනතාව සූදානම් බව සඳහන් කරමින් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් ⁣යොමු කර තිබේ.   

පකිස්තාන දිනය නිමිත්තෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අගමැති ඉම්රාන් ඛාන් වෙත යොමුකළ සුබපැතුම් ලිපියකට පිලිතුරු වශයෙන් අගමැති ඉම්රාන් ඛාන් මෙම ලිපිය යොමුකර ඇත.

අදාළ ලිපිය මගින් පකිස්තාන දිනයට සුබපැතුම් එක්කරමින් ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ⁣අවිශ්වාසය සහ බෙදීම් ඉවතලීම අවශ්‍ය බවයි.

ඊට පිළිතුරු ලිපියක් යොමුකරමින් දෙරට අතර පවතින ගැටලු විසදාගැනීමේ අවශ්‍යතාවය මතු කර ඇති අගමැති ඉම්රාන් ඛාන් විශේෂයෙන් ජම්මු සහ කාශ්මීර ගැටලුව සාමකාමීව විසදා ගත යුතු බවද සඳහන් කර තිබේ.

 

Related posts

යේමනය තුළ කොළරාව හිස ඔසවයි

Mohamed Dilsad

2021 නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නම යෝජනා වෙයි

Mohamed Dilsad

අප්‍රිකාවට යලි ඉබෝලා අවධානම

Mohamed Dilsad

Leave a Comment