ව්‍යාපාරික

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපති අතට

(UTV | කොළඹ) – ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙනු ලැබිණ.  

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද විශාල ගැටලුවකි. නිසි ලෙස කළමනාකරණය නොකරන ලද ඝණ අපද්‍රව්‍ය නිසා පරිසරය සහ ජලය දූෂණය වීම, විවිධ රසායනික ද්‍රව්‍ය පසට එකතුවීම වැනි අහිතකර ප්‍රතිවිපාක රාශියක් ඇති කරයි.

කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගිය ජූලි මස පත් කරනු ලැබීය. ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා එහි සභාපතිවරයා විය.

කමිටු නිර්දේශයේ ඇතුළත් වාර්තාව රොහාන් සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපතිතුමාට භාර දෙනු ලැබීය.

 

Related posts

කොටස් වෙළඳපොළේ අසාමාන්‍ය වර්ධනයක්

Mohamed Dilsad

ඇමරිකානු GSP බදු සහනය නැවත වරක් – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

බීඩි මිල ඉහළට

Editor O

Leave a Comment