දේශීය

ලංකාවේ මානව හිමිකම් තත්වය ගැන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්

(UTV | කොළඹ) – 2020 වසරට අදාළව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක් නිකුත් කර තිබේ.    

භාෂණයේ නිදහසට බාධා එල්ලවීම / සිවිල් ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම් / අයුතු බලපෑම් සහ අත්අඩංගුවට ගැනීම් වැනි දෑ අඛණ්ඩව සිදුවෙමින් පවතින බව එහි දක්වා ඇත.

එමෙන්ම ත්‍රස්ත මර්දන පණත යටතේ වන ප්‍රතිපාදන හරහා නීතීඥ හිජාස් හිස්බුල්ලා වැනි අය රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන සිටිම සම්බන්ධයෙන්ද අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කණස්සල්ල පළ කරයි.

යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් සිදුවීම්වලට අදාළව මේ දක්වා නිසි වගවීමේ ක්‍රියාවලියක් ආරම්භ කර නොමැති බවද අමෙරිකාව පෙන්වා දෙයි.

Related posts

වකුගඩු රෝගීන් සඳහා හදිසි දුරකතන අංක කිහිපයක්

Mohamed Dilsad

සුනාමියෙන් මිය ගිය අය සිහිපත් කර හෙට නිහඬතාවය රකින්න [VIDEO]

Mohamed Dilsad

හෙද සංගමයට සෞඛ්‍ය ඇමතිගෙන් සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment