ව්‍යාපාරික

හාල්පිටිවලින් නිශ්පාදිත ආහාරවලට වැඩි ඉඩක්

(UTV | කොළඹ ) – පාන්පිටිවලට ආදේශකයක් වූ හාල්පිටි වලින නිපදවිය හැකි තාක්ෂණය සහිත කර්මාන්තය යළි නගා සිටුවීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

පාන්පිටිවලින් සෑදිය හැකි සියලු බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර වර්ග සෑදිය හැකි සහල්පිටි නිපදවීමේ තාක්ෂණය සහිතව 2011දී විවෘත කළ වේයන්ගොඩ හෙල්දිෆ්ලා කර්මාන්ත ශාලාවට පසුගිය ආණ්ඩුවේ අදූරදර්ශී ප්‍රතිපත්ති හේතුවෙන් 2015 ජනවාරි 19 සිට සහල්පිටි නිපදවීම අතහැර දැමීමට සිදුව ඇති බවත් දැනට කුරුදු, කහ, ඉගුරු, සේර වැනි කුළුබඩු පිටි ලෙස සැකසීමේ කටයුතුවලට මෙන්ම පොල්පිටි නිපදවීමට සීමා වී නිෂ්පාදන ධාරිතාව 10%කට පහළ බැස ඇති මෙම කර්මාන්ත ශාලාවට යළි පාන්පිටිවලට ආදේශකයක් වූ උසස් ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුතු සහල්පිටි නිපදවීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

(03) වේයන්ගොඩ ආහාර දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පිහිටා ඇති මෙම කර්මාන්ත ශාලාවෙහි වර්තමාන තත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

2011 දී ආරම්භ කළ මෙම කර්මාන්ත ශාලාව හේතුවෙන් දේශීය ආහාර පරිභෝජනයෙහි විශාල වැඩිවීමක් සිදු වූ බවත් 2013 වසර වන විට මෙරටට පාන්පිටි ගෙන්වීම 50%කින් පමණ අඩු වූ බවත් පාන්පිටිවලට ආදේශකයක් වූ හාල්පිටි නිපදවිය හැකි තාක්ෂණය සහිත කර්මාන්තය මඟින් රට තුළ ඉතිරි වූ විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන150ක් බවත් හෙල්දිෆ්ලා පෞද්ගලික සමාගමේ නිර්මාතෘ අරුණකාන්ත බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේය.

එසේම තම සහල් පිටි නිෂ්පාදනය පාන්පිටිවලින් සාදනු ලබන පාන්, කේක්, රොටී, ඉඳි ආප්ප, පිට්ටු පමණක් නොව බිස්කට් හා නූඩ්ල්ස් වැනි ආහාර වර්ග සියල්ල සෑදිය හැකි නිෂ්පාදනයක් බව ද අරුණ කාන්ත මහතා සිහිපත් කළේය. ඉදිරියේදී තම කර්මාන්තශාලාව සහල්පිටි නිෂ්පාදනය ද සහිතව සම්පූර්ණ ධාරිතාවෙන් යුතුව ආරම්භ කිරීමට අවශ්‍ය සහයෝගය දේශීය කර්මාන්ත සවිබල ගැන්වීමේ නිරතව සිටින විමල් වීරවංශ මහතා ලබාදෙනු ඇති බව තමන්ට විශ්වාස බව ද හෙල්දිෆ්ලා සමාගමේ නිර්මාතෘවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පොල් සඳහා පාලන මිලක්

Mohamed Dilsad

රටවල් 48ක සංචාරකයින්ගෙන් හෙට සිට මාසයක් වීසා ගාස්තු නොකෙරේ

Mohamed Dilsad

බොරතෙල් මිල පහතට

Mohamed Dilsad

Leave a Comment