දේශීය

ශ්‍රී ලංකාව තුළ ඇස්ට්‍රා-සෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම ලබන 19 දා සිට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලබාදීම ලබන 19 වනදා සිට ආරම්භ කරන බව කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.   

අද පාර්ලිමේන්තුවේදී ඇය සඳහන් කලේ ඒ සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 03 ක් වෙන් කර තබා ඇති බවයි.

එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ පළමු අධියර ලබන 19 වනදා සිට ජූනි 30 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර සෙසු පිරිසට අනතුරුව එන්නත ලබාදීම සිදුවන බව අමාත්‍යවරිය කියා සිටියේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නගා තිබූ පැණයකට පිළිතුරු දෙමිනුයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව සඳහන් කළේය.

 

Related posts

මෙවර පොසොන් පොහොය නිවසට වී වත්පිළිවෙත්වල යෙදෙන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

කොරෝනා රෝගය ගැන වැදගත් අනාවරණයක්

Mohamed Dilsad

නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු පක්ෂ මූලස්ථානයට

Mohamed Dilsad

Leave a Comment