දේශීය

පාම් ඔයිල් ආනයනය තහනම් කරයි

(UTV | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇත.  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් දී ඇති උපදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරන ලෙස ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇති බව සදහන්.

එමෙන්ම දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීමද සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා.

ඒ අනූව මේ සමගම මෙරට තුළ කටු පොල් වගාව ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සදහන් කලේ.

Related posts

බස්නාහිර පළාතේ තවදුරටත් වැටලීම්

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට හොඳ කියයි

Mohamed Dilsad

පාඨලී චම්පිකගේ රිය අනතුරු නඩුව කල්යයි

Mohamed Dilsad

Leave a Comment