දේශීය

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට අප්‍රේල් 10 වනදා සිට විශේෂ මෙහෙයුමක්

(UTV | කොළඹ) – එළඹෙන උත්සව සමයේ බීමත් රියදුරන් සොයා අප්‍රේල් 10 වැනිදා සිට රට පුරා දැවැන්ත පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.  

උත්සව සමයේ මහමග සිදුවූ රිය අනතුරු හේතුවෙන් තවත් පුද්ගල ජීවිත 11 ක් අහිමි වී ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් අතරෙන් නව දෙනෙකු ඊයේ දින සිදු වූ අනතුරුවලින් මිය ගොස් ඇති අතර තවත් දෙදෙනෙකු ඊට පෙර සිදු වූ අනතුරුවලින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින්.

මෙලෙස මහමග අනතුරුවලින් ඊයේ දිනයේ දී මියගියේ යතුරුපැදිකරුවන් සිව්දෙනෙක්, ත්‍රිරෝද රථවල ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙක්, සහ පදිකයින් දෙදෙනෙක්.

එළඹෙන උත්සව සමයේ දී මහමග අනතුරු අඩු කර ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

Related posts

නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාධිතයන්ගෙන් 33 % ක්ම අවුරුදු 41 – 50 ත් අතර

Mohamed Dilsad

හෙට සුරාසැල් ඇරලා

Mohamed Dilsad

Leave a Comment