ක්‍රීඩා

මුම්බායි ඉන්දියන්ස් උපදේශක Kiran More ටත් කොරෝනා

(UTV | ඉන්දියාව) – මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කඩුලු රැකීමේ උපදේශක Kiran More හටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.   

ඉන්දීය හිටපු කඩුලු රකින පිතිකරුවෙකු වන ඔහු මේ වන විට සෙසු සාමාජිකයින්ගෙන් හුදෙකලා කර ඇති බවද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිවේදනය කර සිටියේය.

මීට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල්ට, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දෙව්දත් පඩික්කල්ට සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය විය.

 

 

 

Related posts

බංග්ලාදේශ නායකත්වයට යළිත් ශකීබ් අල් හසන්

Mohamed Dilsad

කොරෝනා නිසා තවත් මෝටර් රථ ධාවන තරඟයක් කල් යයි

Mohamed Dilsad

විලියම්සන්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment