දේශීයව්‍යාපාරික

ඩොලරය තවදුරටත් ඉහළට

(UTV | කොළඹ) – එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (07) දිනයේ දී රු. 202.88 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

දිනපතා ප්‍රකාශයට පත්කරනු ලබන විනිමය අනුපාතික සටහන හරහා මහ බැංකුව මේ බව අනාවරණය කර සිටී. අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල ද මෙතෙක් ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් රු. 198.56 ක් දක්වා වැඩි වී තිබේ.

මීට පෙර ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම ගැනුම් (රු. 198.00) හා විකුණුම් (රු. 202.70) අනුපාතිකයන් ඊයේ (06) දිනයේ දී වාර්තා විය.

මේ අතර වාණිජ බැංකුවල විනිමය අනුපාතික පිරික්සීමේ දී ලංකා බැංකුව රු. 204.78 ක්, මහජන බැංකුව රු. 206.49 ක්, කොමර්ෂල් බැංකුව රු. 203.90 ක් හා සම්පත් බැංකුව රු. 203.50 ක් ලෙසින් අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත.

 

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

තවත් ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

Mohamed Dilsad

අජිත් ප්‍රසන්න 24 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment