දේශීය

නිරෝධායන රීති කඩ කළ කාන්තාවන් 9 ක් ඇතුළු 11ක් අධිකරණයට

(UTV | කොළඹ) – කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.   

ඊයේ (07) දිනයේ දී එලෙස අත්අඩංගුවට පත් වු පිරිස අතර කාන්තාවන් 9දෙනෙක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අත්අඩංගුවට පත් පිරිස අද (08) දින මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 30 වන දින සිට නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3,436 දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇත.

 

Related posts

ලොවපුරා කොරෝනා ආසාදිතයන් එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

නියෝජ්‍ය කථානායකවරයාගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ඉන්දියාවේ සිට පැමිණි ලාංකිකයන්ට සෞඛ්‍ය අංශය කල දැනුම් දීම

Mohamed Dilsad

Leave a Comment