දේශීය

අද හිරු මුදුන්වන ප්‍රදේශ මෙන්න

(UTV | කොළඹ) –දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව දන්වා ඇත.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා තිබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී.

අද දින (10) දහවල් 12:11 ට නොරොච්චෝලේ, කරුවලගස්වැව, පලුගස්වැව, උස්වැව, සිංහපුර, කැලෑකරඹෑව සහ කුමාදිය යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

 

Related posts

දඹුල්ලට එළවලු ලැබීම සියයට 60කින් පහළට

Mohamed Dilsad

සමෘද්ධිලාභීන්ට දුන් ණය මුදල ආධාරයක් බවට පත් කිරීමට පියවර

Mohamed Dilsad

දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ට රජයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment