දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අනිද්දා විවෘතයි

(UTV | කොළඹ) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලය ලබන 12 වැනිදා සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එදින රජයේ නිවාඩු දිනයක් වුවද වේලාවක් වෙන්කර ගත් සේවාලාභීන් වෙනුවෙන් අදාළ කාර්යාල විවෘතව තැබෙන බවය.

ඊට අමතරව කුරුණෑගල, ගම්පහ, අනුරාධපුරය, යාපනය සහ හම්බන්තොට කාර්යාල ද කලින් වේලාවක් වෙන්කර ගත් සේවාලාභීන් වෙනුවෙන් විවෘතව තැබෙන බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Related posts

පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙක් සියදිවි හානි කර ගනී

Mohamed Dilsad

දකුණේ පාසල් ගැන තීරණයක්

Mohamed Dilsad

බටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ට පහසු ජයක්

Editor O

Leave a Comment