ගොසිප්

ගෝඨාභය, බැසිල් රාජපක්ෂගේ අතකොලුවක් පමණක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (16) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් තර්ජනය කර ඇතැයි වාර්තාවේ.

මන්ත්‍රීවරයාගේ සමීපතමයකු පැවසුයේ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද දහවල් 11.00ට මන්ත්‍රීවරයාගේ නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවීමට තීරණය කර ඇති බවයි.

ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු මේ රට කොල්ලකමින් සිටින බවටත්, ජනාධිපතිවරයා පඹයකු කර රජයේ සියලුම තීන්දු තීරන ගනු ලබන්නේ ‘මිස්ටර් ටුවෙන්ටි ප්‍රසන්ට්’ බවටත් නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවේදී විජේදාස මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

එහිදී අගමැති මහින්දගේ ගුණවර්ණනා කළ මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කළේය.

මෙරට නිල නොවන ජනාධිපති බැසිල් රාජපක්ෂ බව පැවසු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා, අද වන විට ගෝඨාභය රාජපක්ෂ මෙරට කිසිදු තීන්දුවක් නොගන්නා බවත් ඔහු පඹයෙක් ගේ චරිතය රඟපාන බවත් පැවසීය.

අද වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂගේ අතකොලුවක් පමණක් යැයිද ඔහු සඳහන් කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ කියන දෙයක් ඒ කිසිවකු ගණන් නොගන්නා බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

මටත් මාස 6 ක දරුවෙක් ඉන්නවා – නිරෝධායනය වෙන්නේ නිවසේ නෙවෙයි

Mohamed Dilsad

ජනාධිපතිගේ කතාවට හර්ෂගෙන් ප‍්‍රතිචාර..

Mohamed Dilsad

ඊයේ රාත්‍රියෙන් පසු විශ්‍රාම වැටුප් අහිමි වන මන්ත්‍රීවරුන්

Mohamed Dilsad

Leave a Comment