(UTV | කොළඹ) – ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මේ වනවිට ආරම්භ වී ඇත.
කොළඹ වරාය නගරයට අදාල පණත් කෙටුම්පත , පළාත් සභා මැතිවරණය පවත්වන ක්රමය සහ එළඹෙන මැයි දිනය සමරන ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්කෙරෙනු ඇති බව සඳහන්.
ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායමේ හමුවක්ද අද පස්වරු 06. 30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සැළසුම් කර ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පස්වරු 02 ට ආරම්භ වන අතර , ඒ ඉදිරි පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.